🥬 TopGoviya.lk🌾 මගේ වගාව
මගේ වගාව
TOPGOVIYA FARM MANAGER

📊 සාම්පල වාර්තාව

වගා කන්නයක් අවසානයේ මගේ වගාවෙන් ඔබට ලැබෙන වාර්තාව — සැබෑ ඇප් එකෙන්ම, සාම්පල තක්කාලි වගාවකින්. හැම කොටසකින්ම ඔබට දැනගන්න පුළුවන් දේ හා ගන්න පුළුවන් තීරණ සමඟ.

PDF · පිටු 8 · 1.2 MB · නොමිලේ

📄 PDF එක විවෘත කරන්න / බාගන්න 🌾 මගේ වගාව විවෘත කරන්න

ඔබේ ප්‍රශ්න 4 — වාර්තාවේ උත්තර

සාම්පල තක්කාලි වගාව: යල 2026 · අක්කර 0.5. ඔබේ වගාවට ඔබේම අංක එනවා.

1
🌱 වගාවට මුළුමනින්ම කොපමණ මුදලක් වැය වුණාද?මුළු වියදම රු. 284,250 — අක්කරයකට රු. 568,500.
2
💰 බීජ, පොහොර, කෘෂි රසායන හා ශ්‍රමයට කොපමණද?කම්කරු රු. 66,000 (23%) · පොහොර රු. 49,500 (17%) · රසායන රු. 33,400 (12%) · බීජ / පැළ රු. 28,000 (10%).
3
📊 ආදායම හා සැබෑ ලාභය කොපමණද?ආදායම රු. 692,500 · ලාභය රු. 408,250 · ඊට අමතරව පවුලේ වැඩ පැය 102 (රු. 25,500).
4
📈 ඊළඟ කන්නයේ වඩාත් හොඳ තීරණයක් ගන්නේ කොහොමද?හැම විකුණුමකදීම එදා දඹුල්ල මිලට වඩා 7%–13% අඩුවෙන් ලැබුණා · පළමු අස්වැන්නට කලින් රු. 185,900ක් අතේ තියෙන්න ඕන වුණා · අක්කරයකට ලාභය කලින් කන්නයට වඩා රු. 542,000 → රු. 816,500.

ඔබේම වාර්තාව ලබාගන්න

  1. මගේ වගාව විවෘත කරන්න

    topgoviya.lk/mage-wagawa.html → “➕ මගේ පළමු වගාව එකතු කරන්න”.

  2. වියදම් හා විකුණුම් ලියන්න

    වියදම කළ දවසේම “+ වියදම / ආදායම” එකෙන්. විකුණුවාම ප්‍රමාණය, මිල හා කාටද කියලා.

  3. ඕනෑම වෙලාවක “📊 වාර්තාව බලන්න”

    කන්නය අවසන් වෙනකම් ඉන්න ඕන නැහැ — වගාව කරන අතරතුරම බලන්න.

  4. PDF එකක් ලෙස යවන්න

    “📤 WhatsApp එකට යවන්න (PDF)” — පවුලට, හවුල්කරුට හෝ ණයක් ඉල්ලන විට බැංකුවට.

📘 පියවරෙන් පියවර උපදෙස්: මගේ වගාව භාවිතා කරන හැටි (PDF)

PDF එකේ පිටු කිහිපයක්

පිටුව 1 — කවරය පිටුව 2 — ඔබේ ප්‍රශ්න 4 පිටුව 6 — මට හරි මිලක් ලැබුණාද පිටුව 7 — කලින් වගාවට සාපේක්ෂව

YouTube / Facebook විස්තරයට

මේ ටික කොපි කරලා YouTube වීඩියෝ විස්තරයට හෝ Facebook පෝස්ට් එකට දාන්න:

💬 උදව් ඕනද? අදහසක් තියෙනවද?

භාවිතා කරන්න උදව් ඕන නම්, නැත්නම් ඇප් එක දියුණු කරන්න හොඳ අදහසක් තියෙනවා නම් අපට WhatsApp කරන්න. ඔබ දෙන එක් අදහසක් වුවත් තවත් ගොවියෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

© 2026 TopGoviya.lk · සියලු හිමිකම් ඇවිරිණි / All rights reserved · මිල දත්ත: මහ බැංකුව, HARTI, DEA (නිල මූලාශ්‍ර) / Price data: CBSL, HARTI & DEA · සම්බන්ධ වන්න / Contact · සබැඳි / Links