🥬 TopGoviya.lk🌾 මගේ වගාව
මගේ වගාව
TOPGOVIYA FARM MANAGER

📘 භාවිතා කරන හැටි

ඔබේ වගාවේ වියදම්, ආදායම හා ලාභය — එකම තැනක, ෆෝන් එකේම. පියවර 8ක් ෆෝන් තිර රූප සමඟ, සරල සිංහලෙන්.

PDF · පිටු 10 · 4.4 MB · නොමිලේ

📄 PDF එක විවෘත කරන්න / බාගන්න 🌾 මගේ වගාව විවෘත කරන්න

මේ මාර්ගෝපදේශයෙන් ඔබට දැනගන්න පුළුවන්

1
මට මොනවද කරන්න පුළුවන්?වියදම් හා ආදායම, අද දඹුල්ල මිලට ලාභය, පාඩු නොවන මිල, අයවැය, මතක් කිරීම්, 🔔 මිල දැනුම්දීම්, වාර්තා, Backup.
2
කොහොමද භාවිතා කරන්නේ?පියවර 8ක් — හැම පියවරකටම ෆෝන් තිර රූපයක් හා ඉඟියක්.
3
මට ලැබෙන්නේ මොනවද?මේ වගාවෙන් ලාභද? මුදල් වැඩිපුරම ගියේ කොහෙටද? මට හරි මිලක් ලැබුණාද? කලින් වගාවට වඩා හොඳද?

පියවර 8 — කෙටියෙන්

  1. ඇප් එක විවෘත කර ෆෝන් එකට ගන්න

    Chrome එකෙන් topgoviya.lk/mage-wagawa.html → “📲 ඇප් එක ගන්න”. Play Store, ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ.

  2. මුලින්ම උදාහරණය බලන්න

    “👀 උදාහරණය බලන්න” — සාම්පල වගා 5ක්, මතක් කිරීම් හා වාර්තා. ඔබේ දත්ත වලට බලපෑමක් නැහැ.

  3. ඔබේ වගාව එකතු කරන්න

    “➕ මගේ පළමු වගාව එකතු කරන්න” — බෝගය, වගා කළ දිනය, අක්කර, බලාපොරොත්තු අස්වැන්න.

  4. වියදම් හා ආදායම ලියන්න

    “+ වියදම / ආදායම” — මුදල හා කෙටි සටහනක්. විකුණුවාම ප්‍රමාණය, මිල හා කාටද කියලා.

  5. ඔබේ වගාවේ තත්ත්වය බලන්න

    ලාභය, ඉතිරි අස්වැන්නට අද දඹුල්ල මිල, පාඩු නොවන මිල. මිලේ දිනය හා මිල වර්ගය බලන්න.

  6. මතක් කිරීම් දාන්න

    පොහොර, ඉසීම විතරක් නෙමෙයි — එන්න / දෙන්න තියෙන මුදල්, ගැනුම්කරුවන්ගේ ඉල්ලීම්.

  7. අයවැයක් හදන්න (කැමති නම්)

    අවශ්‍ය මුළු මුදල, අපේක්ෂිත ආදායම හා ලාභය.

  8. සති දෙකකට වරක් Backup

    “💾 Backup” → WhatsApp / Google Drive. දත්ත ඔබේ ෆෝන් එකේ පමණයි.

🔔 මිල දැනුම්දීම් හා මතක් කිරීම් — මිල දින 30 සාමාන්‍යයට වඩා 20%ක් වෙනස් වූ විට, හෝ අද මිල ඔබේ පාඩු නොවන මිලට වඩා අඩු වූ විට ඇප් එක ඔබට කියනවා (PDF පිටුව 9).

📊 අවසානයේ ඔබට ලැබෙන වාර්තාව බලන්න: මගේ වගාව — සාම්පල වාර්තාව (PDF)

PDF එකේ පිටු කිහිපයක්

පිටුව 1 — කවරය පිටුව 2 — මට මොනවද කරන්න පුළුවන් පිටුව 3 — පියවර 1 හා 2 පිටුව 9 — මිල දැනුම්දීම් හා මතක් කිරීම්

YouTube / Facebook විස්තරයට

මේ ටික කොපි කරලා YouTube වීඩියෝ විස්තරයට හෝ Facebook පෝස්ට් එකට දාන්න:

💬 උදව් ඕනද? අදහසක් තියෙනවද?

භාවිතා කරන්න උදව් ඕන නම්, නැත්නම් ඇප් එක දියුණු කරන්න හොඳ අදහසක් තියෙනවා නම් අපට WhatsApp කරන්න. ඔබ දෙන එක් අදහසක් වුවත් තවත් ගොවියෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

© 2026 TopGoviya.lk · සියලු හිමිකම් ඇවිරිණි / All rights reserved · මිල දත්ත: මහ බැංකුව, HARTI, DEA (නිල මූලාශ්‍ර) / Price data: CBSL, HARTI & DEA · සම්බන්ධ වන්න / Contact · සබැඳි / Links